Sunday, December 21, 2014

ගැහැනිය තුට්‍ටු දෙකට දමන ආණ්ඩුවේ පිරිමිකම

පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කරේ ජනවාරි 8වනදා ජනාධිපති ජයග්‍රහණයෙන් අනතුරුව චන්ද්‍රිකා බණඩාරනායක හිටපු ජනාධිපතිනිය නිරුවත් කර පහරදී පාරේ දුවන්න සැලැස්විය යුතු බවයි.
එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පසුගියදා පෙරමුණ ගත් පුරවැසි බලය සංවිධානය නියෝජනය කළ සමනලී ෆොන්සේකාට විරුද්ධව ආන්ඩුවේ ඇමැතිවරයකු විසින් පවත්වගෙන යන එක්තරා මඩ වෙබ් මාධ්‍ය ආයතනයක් විසින් මඩ ප්‍රචාරයක් ගෙනගියා.